Home / මුළුතැන්ගෙය /  potatos vegas

 potatos vegas

2016-05-29 10:21:00       786
feature-top
පොටේටෝ චිප්ස් නම් ඉතිං අපිට හොඳටම හුරු කෑමක් නේ. පොටේටෝ වෙජර්ස් කියන්නේ ඔයා එකපාරක් කෑවොත් ඇබ්බැහි වෙන කෑමක්.

පොඩ්ඩෝ උනත් අසාවෙන් කයි. පොඩ්ඩෝ එක්ක කෑම කවන්න අරගලයක් කරන ඔයාට මේක ගොඩක් ලොකු සහනයක් වෙයි.බයිට් එකකටත් කදිමයි.

 අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් දිග අල 500ක්

මිරිස් කුඩු තේ හැදි 1

ගම්මිරිස් කුඩු තේ හැදි බාගයයි

ලුණු කුඩු තේ හැදි 1

බටර් තේ හැදි 2

කොන් ෆ්ලවර් තේ හැදි 5

පාන් පිටි තේ හැදි 2යි

ලියාගත් පාස්ලි හෝ කරපිංචා තේ හැදි 1

ගැඹුරු තෙලේ බැදීම සදහා වෙජිටබල් ඔයිල්

සාදන ආකාරය  

 අල පොටේටෝ වෙජස් හැඩයට දිග අතට කපා ගන්න. පින්තුරයේ දක්වා ඇති හැඩයට. දැන් එයට මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුණු කුඩු බටර් පාස්ලි එකතු කර මද වේලාවක් සීසන් කරන්න. පසුව එයට කොන් ෆ්ලවර් හා පාන් පිටි එකතු කරන්න. දැන් තෙල් හොදින් රත් කර  උෂ්ණත්වය පරික්ෂාකර පිටි තවරාගත් පොටේටෝ වේජස් රන්වන් පැහැවනතුරු බදින්න.පසුව තෙල් බේරෙන්න තබා තත්කාලි සෝස් හෝ රසකරගත් මයෝනසීන් සෝස් සමහ පිලිගන්වන්න.         

curtesy :lady.lk



More News »