Home / මුළුතැන්ගෙය /  සෙචුවාන් ෆ්රයිඩ් රයිස්

 සෙචුවාන් ෆ්රයිඩ් රයිස්

2016-05-23 11:35:00       783
feature-top
c

චීන ජනතාව ටිකක් සැරට කනවා. ඒ නිසාම චීන අවන්හල්වල විශේෂයෙන් මේ සෙචුවාන් කෑම තියෙනවා. ඒවා හරිම රසයි.චීන කෑම කන බොහෝ දෙනා හරි ආසයි මේ සෙචුවාන් ෆ්රයිඩ් රයිස් එකට රහට සැරට කන්න කැමති නම් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි.

ඔයාට අවශ්‍ය දේවල්

හොදින් ඇට වෙන්වන සේ හාල් 500 කින් පිසගත් බාස්මති බත් (බත් පිස ගැනීමේදී එළවලු තෙල් තේ හැදි 3ක් බතට එකතු කරන්න. බත් පිසගත් පසු හොදින් ගෑරුප්පුවකින් කූරු ගා වෙනත් බදුනකට මාරු කරන්න)

          සිහින්ව ලියාගත් කැරට් කෝප්ප කාලක්

          සිහින්ව ලියාගත්  ලීක්ස් කෝප්ප කාලක්

          සිහින්ව ලියාගත් ගෝවා කෝප්ප කාලක්

          සිහින්ව ලියාගත් බී ලූණු ගෙඩියක්

          කතුරකින් අගල් බාගයේ කෑලි වලට කපාගත් වියළි මිරිස් කරල් 6ක්

          කෑලි මිරිස් තේ හැදි බාගයක්  

          චයිනීස් චිලි පේස්ට් තේ හැදි 1ක්

            සිහින්ව අඹරා ගත් ඉගුරු තේ හැදි බාගයක්

          සෝයා සෝස් තේ හැදි එකක්

          සිහින්ව ලියාගත් සුදුලූණු තේ හැන්දක්

          ගම්මිරිස් කෑලි කුඩු තේ හැන්දක්

          අජිනෝ මොටෝ තේ හැදි බාගයක්

          අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු (බතට වෙනමම ලුණු දමා පිස ගන්න)

          එළවලු තෙල් තේ හැදි 5ක් පමණ

 

සාදන ක්‍රමය

 සියලු කළමනා ලගට ගන්න. දැන් තරමක් ලොකු වෝක් එකක් ලිපේ තියන්න. කට පළල් රවුම් ලොකු එකක් විය යුතුයි. ලිපේ දල්ල තරමක් අඩුවෙන් තියන්න. දැන් රත් වූ වෝක් එකට එළවලු තෙල් දමන්න. එය රත් වී එද්දී එයට ඉගුරු සුදුලූණු දමන්න. තත්පර තිහක් ටොස් කරමින් පිස ගන්න. දැන් එයට වියළි මිරිස් කරල් එකතුකර ගන්න. තත්පර විස්සක් බැදෙන්න දෙන්න. දැන් එයට බී ලූණු එකතු කරන්න. තත්පර තිහක් පිසගන්න. දැල්ල මධ්‍යම ප්‍රමාණයෙන් තියන්න.දැන් එළවලු සියල්ල එකතු කරන්න. තත්පර 30ක් ටෝස්ට් කරමින් හැදිගාන්න දැන් චයිනීස් චිලි පේස්ට් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරන්න බත එකතු කරන්න. ගින්දර මදක් අඩුකර බත උඩට ගම්මිරිස් කුඩු සහ අජිනෝ මොටෝ එකතු කරන්න. දැන් ලිපේ ගින්දර වැඩි කර වේගයෙන් හැදි ගාමින් විනාඩි 2ක් පිසගන්න. සෙචුවාන් ෆ්රයිඩ් රයිස් එක ටිකක් රතු පාටට හුරුයි. එහෙම වෙන්නම ඕන. මේක උණුවෙන්ම පිළිගන්වන්න. පිලිගන්වද්දී උඩින් සිහින්ව දිගැටි හැඩයට කපාගත් ලූණු කොළ දාන්න.                 

curtesy : lady.lk



More News »