Home / මුළුතැන්ගෙය / ග්‍රීන් රයිස් හදමු

ග්‍රීන් රයිස් හදමු

2016-05-20 01:10:00       782
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

ලූනු ගෙඩි 1-2 (පොතු නොහැර සෝදා දෙකට කපා ගන්න) ලොකු සුදුලූනු ගෙඩි 6-8ක් (පොතු නොහැර සෝදාගන්න) ලොකු මාළු මිරිස් කරලක් හෝ කොළපාට බෙල් පපෙර් ගෙඩියක් හතරට පලා ගන්න.අමුමිරිස් කරලක් දෙකට පලා ගන්න. සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මිටක් එළවළු ස්ටොක් හෝ කුකුළුමස් ස්ටොක් මිලීලීටර් 225ක් එළවළු තෙල් හෝ ඔලිව් තෙල් මේස හැදි 6ක් බාස්මතී බත් ග්‍රෑම් 175ක් රස අනුව ලුණු හා ගම්මිරිස්

සාදන ක්‍රමය

බදුනක් ලිප තබා රත් වන විට එයට ලූනු,සුදු ලූනු,අමුමිරිස්,බෙල් පපෙර් දමා හැදි ගාන්න. ඒවා තරමක් හැදී ගා මෘදු වන විට ලිපෙන් ඉවතට ගෙන බදුනකට දමා පියනකින් වසා නිවෙන්නට තබන්න. අතින් ඇල්ලිය හැකි තරමට සිසිල් වූ පසු රතු ලූනු,සුදුලූනු,අමුමිරිස් හා බෙල් පපෙර් වල පොතු හැර සියල්ල අඹරා ගන්න.(බ්ලෙන්ඩරයක දමා) බ්ලෙන්ඩ් කර ගන්න.එයට කොත්තමල්ලි කොළ හා ස්ටොක් වතුරද දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.එවිට ඔබට කොළ පැහැති පියුරි එකක් දැකගත හැකිය.ඉන්පසුව ලොකු සාස්පානයක් ලිප තබා එයට තෙල් දමා හොදින් රත් කර ගන්න. එයට බත් එක්කර හොදින් හැදි ගාමින්
බත් ඇට තැනින් තැන ළා දුඹුරු පැහැයක් වනතුරු පිසගන්න.(බත් ඇටයම දුඹුරු පැහැවනතුරු පිස ගන්න එපා) බත් කරවීමට දෙන්නත් එපා. ඉන් පසුව එයට සකසා ගත කොළ පැහැති එළවළු පියුරි එක දමා හැදි ගා ගින්දර අඩු කර විනාඩි 10ක් 15ක් පිසගන්න.රස අනුව ගම්මිරිස් හා ලුණු කුඩුද එක්කර ගන්න ඒ අතර නැවත බත හැදිගා පිටතට ගෙන පිළිගන්වන්න.



More News »