Home / මුළුතැන්ගෙය / එළවළු මිශ්‍ර ඉඳිආප්ප පිලව්

එළවළු මිශ්‍ර ඉඳිආප්ප පිලව්

2016-05-17 10:11:00       780
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ඉඳිආප්ප - 50 g

හීනියට කපාගත් කැරට් - 100 g

හීනියට කපාගත් බෝංචි - 100 g

හීනියට කපාගත් ලූනු කොළ - 100 g

රෝස් කරගත් කජු - 50 g

වියළි මිදි - 50 g

අබ ඇට තේ හැඳි - 1

කෑලි මිරිස් තේ හැඳි - 1

කහකුඩු තේ හැඳි - 1/2

රම්පේ, කරපිංචා ඉති - 1

බටර් මේස හැඳි - 1

අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20 g

වියළි මිරිස් කෑලි - 10 - 15

පිළියෙල කරන ආකාරය -

ඉඳිආප්ප අතින් පොඩි කෑලිවලට කඩා ගන්න, සුදුසු භාජනයක ළිප තබා එයට බටර් දමා රත් වන විට එයට අබ ඇට දමා, තෙම්පරාදු කර ඉන්පසු ඉඟුරු සුදුලූනු සහ අනිකුත් එළවළු දමා තෙම්පරාදු කරගන්න.

අවසානයේ කඩාගත් ඉඳිආප්ප දමා හොඳින් කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »