Home / මුළුතැන්ගෙය /  ඉස්සෝ බත් එකක් ලේසියෙන්ම

 ඉස්සෝ බත් එකක් ලේසියෙන්ම

2016-05-15 10:05:00       784
feature-top
ගොඩක් අය  ආසයිනේ ඉස්සෝ දාපු බත් එකක් කන්න. අද අපි කියල දෙන්න හිතුවේ

ඒ අය ආස කරන prawn rice එහෙමත් නැත්නම් ඉස්සෝ බත් එකක් ලේසියෙන්ම හදන විදිය ගැන.

ඔයාට අවශ්‍ය දේවල්..


♦ තම්බා ගත් බාස්මති බත් කෝප්ප 2ක්

♦ ලියාගත් කැරට් ග්‍රෑම් 50ක්

♦ ලියාගත් ගෝවා ග්‍රෑම් 50

♦ පොතුහැර පිරිසිදුකරගත් පොඩි ඉස්සන් ග්‍රෑම් 50ක්

♦ සෝයා සෝස් මේස හැදි 2ක්
♦ තෙල් මේස හැදි 1

♦ රස අනුව ලුණු
♦ බිත්තර 2

සාදා ගන්නේ මෙහෙමයි..

 බදුනක් රත්කර තෙල් එකතු කර ගන්න. පිරිසිදු කරගත් ඉස්සන් ප්‍රමාණය එයට එක් කරන්න.පසුව ලියාගත් කැරට් ප්‍රමාණය එයට එක් කරන්න.ඉන් පසුව ගෝවා ප්‍රමාණයද එක්කරන්න. සෝයා සෝස් හැදි 2ක් සහ ලුණු ටිකක් එක්කරන්න. පසුව බත් සමග ලීක්ස් කොළ එක්කර හොදින් කලවම් කරන්නඉතිරි සෝයා සහ ලුණු ප්‍රමාණය එක්කරන්න. බිත්තර 2ක් ඔම්ලට් එකක් සාදා හීනියට තීරු කපාගෙන එක්කර ගන්න. මේසෙට  යවන්න කලින් ඔයාල කැමති විදියකට ලස්සන කර ගන්නත් පුළුවන්.


More News »