Home / මුළුතැන්ගෙය /  තෝර මාළු අච්චාරුව

 තෝර මාළු අච්චාරුව

2016-05-13 11:07:00       782
feature-top
තෝර මාළු කියන්නේ ලොකු කුඩා හැමෝටම එකසේ රස ගුණ දෙන කෑමක්නේ.

අපි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුදට කිරට උයන්නනේ. ඒත් වෙනස් රසයකට අලුත් විදියකට තෝර මාළු හදාගන්න විදිය තමයි මේ.

 ඔයාට අවශ්‍ය දේවල්

තෝර මාළු 450g

මිරිස් කුඩු මේස හැදි 2

කහ ස්වල්පයක්

ලුණු මේස හැදි 2

විනාකිරි අඩු කෝප්පයක්

සියඹලා 75g

කොත්තමල්ලී කුඩු මේස හැදි 1

තෙල්

සීනි මේස හැදි 2

සාදාගන්නේ මෙහෙමයි...

තෝර මාළු පෙති ගසා සෝදාගන්න. කහ සහ ලුණු එක්කර දවටා තෙලෙන් බදින්න.සියඹලා විනාකිරෙන් මිශ්‍ර කර බොර එකතුකර ගන්න.සියලුම කුළු බඩු වර්ග මේ සියඹලා බොර සමග එක්කර හොදට නටනතුරු පිසගන්න. තෝර පෙති ඊට එකතු කර උදුනෙන් ඉවතට ගන්න. නිවෙන්නට හැර මැටි බදුන් වලට දමන්න.   


curtesy : lady.lk
 

More News »