Home / මුළුතැන්ගෙය /  සැන්විච් බ්‍රේඩ් පීසා

 සැන්විච් බ්‍රේඩ් පීසා

2016-05-12 11:50:00       785
feature-top
පීසා කන්න ආස නැත්තේ මොන පොඩ්ඩද..ඒත් ඉතින් උදේ ඉස්කෝලේ යන වෙලාවට මොන පීසාද.. නේද.. ලංකාවේ පීසත් හරි ගනන්නේ ඊටත් පීසා ගෙදර හදන්න ගියාම එක එක කතන්දරනේ.. අපි හදමුද ඔය නිතරම ගේන සැන්විච් බ්‍රේඩ් වලින් පීසා එකක්. එකත් පිටරට කෑමක්. හරිම රසයි පොඩ්ඩට හවස හදලා දෙන්නත් ශෝක්.අවන් එකක් ඕනමත් නෑ. තිබුනත් කෑමක් නෑ.

ඔයාට අවශ්‍ය දේවල්

හොද වර්ගයේ පැකට් කල සැන්විචස් පාන් පෙති 2ක්

මොසරැල්ලා චීස් තේ හැදි හයක් (මේ චීස් සුපර් මාර්කට් එකෙන් ගන්න පුළුවන්)

සොසේජස් කරල් 2ක්

හොදින් ඉදුණු පුංචි තත්කාලි ගෙඩියකින් කපාගත් රවුම් හයක්..

හොයාගන්න පුළුවන්නම් පමණක් කොළ පාට කහ පාට බෙල් පෙපර් තීරු 8ක්

තරමක් ලොකුවට කපාගත් බී ලූනූ පෙති 6ක්

පීසා සෝස් හෝ තත්කාලි සෝස් තේ හැදි 4ක්

සාදාගන්න ක්‍රමය

සොසේජස් ටික බටර් ටිකක් දමා යන්තමට ෆරයි කරගන්න. පොඩි රවුම් වෙන්න කපාගන්න.

දැන් පාන් පෙති දෙක එක ළග තියාගන්න.යන්තමට වාටිය ඉවත් කරන්න. දැන් පාන් පෙති උඩින් පීසා සෝස් ගාන්න.එක පෙත්තකට හැදි දෙක ගානේ ඊට පස්සේ ලූනූ,බෙල් පෙපර්,තත්කාලි රවුම් සොසේජස් රවුම් ලස්සනට අතුරන්න.ලුණු කුඩු ටිකක් යන්තමට වගේ දාන්න.අවසානයට මොසරැල්ලා චීස් ටික පාන් පෙති දෙක උඩින් ඉසින්න. දැන් මේ පාන් පෙති දෙක වසාගත් නන්ස්ට්ක් පෑන් එකේ හදනවානම් ගින්දර සාමාන්‍ය විදිහට දෙන්න.පෑන් එක සම්පුර්ණයෙන් වසන්න එපා. ජල වාෂ්ප හැදිලා පීසා එක උඩට වැටෙන්න පුළුවන්. ඒ නිසා හොදට බලන්න. චීස් ටික ලස්සනට පාන් පෙති උඩ මෙල්ට් වෙන්න දෙන්න. වැක්කෙරන්න ගත්තත් කෑමක් නෑ.එතකොට තමා ලස්සන. උණුවෙන් පොඩ්ඩට කන්න දෙන්න.

curtesy : lady.lk


More News »