Home / මුළුතැන්ගෙය / ක්‍රිස්පි තෙම්පරාදු ගෝවාමල්

ක්‍රිස්පි තෙම්පරාදු ගෝවාමල්

2016-05-11 10:47:00       786
feature-top
ගෝවා මල් ටිකක් මිල අධික එළවළුවක්. එහෙත් එය පිසගත් විට හරිම රසවත්. අද අපි ගෝවාමල් රසවත්ව පිළියෙල කරගත හැකි තවත් අලුත් ආහාර වට්ටෝරුවක් ඉදිරිපත් කරනවා.

අවශ්‍ය වන්නෙ

ගෝවා මල් - 500g

හාල්පිටි - 100g

ලුණු, ගම්මිරිස් පදමට

කෑලි මිරිස් තේ හැඳි - 2

කහ කුඩු තේ හැඳි -

කපාගත් ලූනු - 100g

කපාගත් මාළු මිරිස් - 100g

සීනි තේ හැඳි -

බැද ගැනීමට තෙල්

අඹරාගත් සුදුලූනු, ඉඟුරු - 10g

මෙලෙස පිළියෙල කරන්න

ගෝවා මල් පොඩියට කපා එයට ලුණු, ගම්මිරිස් සහ හාල්පිටි දමා කලවම් කරගන්න. එය රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න‍.

භාජන‍යක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වනවිට ලූනු සුදුලූනු, ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න.

එයටම අනිකුත් සියලු ම ද්‍රව්‍ය සහ ගෝවාමල් දමා කලවම් කර ගන්න

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »