Home / මුළුතැන්ගෙය / වෙසක් මාසයේ නිර්මාංශ ආහාර වට්ටෝරු
කංකුං ඩෙවල්

වෙසක් මාසයේ නිර්මාංශ ආහාර වට්ටෝරු
කංකුං ඩෙවල්

2016-05-10 10:46:00       795
feature-top
කංකුං අතීතයේ බොහෝ විට භාවිතා කළේ පලා වර්ගයක් විදිහට. එහෙත් වර්තමානයේ කංකුං විවිධ ආහාරයට පිළියෙල කළ හැකි බව ඔබ දන්නවා. කංකුන් ඩෙවල් ලෙස පිළියෙල කරන අන්දමයි මේ.

සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය:-

දිගට කපාගත් කංකුං - 500g

තක්කාලි සෝස් අඬු කෝප්ප -

ඔයිස්ටර් සෝස් මේස හැඳි - 1

සෝයා සෝස් තේ හැඳි - 1

හීනියට කපාගත් ලූනු - 50g

හීනියට කපාගත් බෙල්පෙපර් - 50g

අඹරාගත් සුදු ලූනු 10g

අඹරාගත් ඉඟුරු - 10g

කෑලි මිරිස් තේ හැඳි - 2

සීනි තේ හැඳි -

පදමට ලුණු, ගම්මිරිස්

තෙල් මේස හැඳි - 2

සාදන ආකාරය

සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත්වනවිට එයට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න.

ඉන්පසු සියලු ම සෝස් වර්ග සහ අනිකුත් ද්‍රව්‍ය දමා කලවම් කරගන්න.‍

අවසානයේ හොඳින් සෝදාගත් කංකුං දමා කලවම් කරමින් පි‍සගෙන උණු උණුවේ ම කෑම මේසයට යවන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »