Home / මුළුතැන්ගෙය /  එලවළු පෑන් කේක්

 එලවළු පෑන් කේක්

2016-05-04 10:53:00       784
feature-top
රාත්‍රී ආහාරය ලෙස සරල කෑමක් තෝරා ගන්නට කැමති නම් රසයත් පෝෂණයත්    
හොඳින් ලැබෙන එලවළු පෑන් කේක් ඒ සඳහා ගැලපෙනව නේද?
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
පාන්පිටි 150g
හාල් පිටි 100g
ග්‍රේට් කරගත් කැරට් මේසහැඳි 3-4ක්
සිහින්ව කපාගත් ළුණු කොල මේස හැඳි 2ක්
ගෝවා මේස හැඳි 4ක්
ලොකු ළුණු 50gක්
කරපිංචා ස්වල්පයක්
රස අනුව ලුනුකුඩු
කොත්තමල්ලි කොළ මේස හැඳි 1ක්
තෙල් මේස හැඳි 4-5ක්
වතුර හෝ කිරි අවශ්‍ය පමණ
 
සාදන ක්‍රමය:-
 
පාන් පිටි හාල් පිටි එකට මිශ්‍ර කරන්න.
දැන් මෙයට සිහින්ව ලියාගත් කැරට් ,ළුනු කොල ,ගෝවා ලුණු,කරපිංචා කොත්තමල්ලි කොල එක් කර වතුර හෝ කිරි දමා උකු මිශ්‍රණයක් සාදාගන්න.දැන් මේ මිශ්‍රණයට රස අනුව ලුණුසහ තෙල් ටිකක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.තෙල් තවරගත්ත පෑන් එකක් ළිප තියලා එකට සාදාගත් මිශ්‍රණයෙන් ටික බැගින් දමමින් පෑන් කේක් පුලුස්සගන්න.අඹ චට්නි හෝ සියඹලා සෝස් සමග කෑමට ගන්න.

curtesy : lady.lk


More News »