Home / මුළුතැන්ගෙය /  චිකන් වඩේ

 චිකන් වඩේ

2016-05-02 10:50:00       784
feature-top
ඔයාලට කැමති මස් වර්ගේකින් හදන්න පුළුවන්

කටු නැති කුකුල්මස් ග්රෑම් 250 වගේ මම ගත්තේ
මෙය හොදින් අම්බරගන්න, මම නම් කලේ චුටි චුටියට කෑලි කැපුවාරස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කෑලි පොඩ්ඩක්, බිත්තර 1, පාන් කුඩු කෝප්ප බාගයක් විතර, පාන් පිටිත් කෝප්ප 3/4 විතර, ළුණු ගෙඩි 1 චුටියට කපලා, අමු මිරිස්, මම රතු බෙල් පෙපර් ටිකකුත් දැම්මා, සුදු ළුණු බික් දෙකක්, අමු ඉඟුරු පොඩි කැබැල්ලක් පුංචියට කපලා, තියෙනවනම් කරපිංචා චුටියට කපල එකතු කරන්න සියල්ල එකතු කර හොදින් අනා ගන්න...දැන් නිකන් මෙලෙකයි වගේ දැනෙනවානම් තව පාන් කුඩු හෝ පාන් පිටි එකතු කරන්න...

දැන් අතේ පාන් පිටි ටිකක් තවරා (අතේ ඇලෙන්නේ නැති වෙන්න තමා එහෙම කරන්නේ) අර සාදා ගත් මිශ්‍රණයෙන් බෝල සාදා මැද හිලක් වෙන විදියට සාදාගන්න...උළුදු වඩේ උනත් මැද හිලක් සමගින් බදින්නේ මැද අමු නොවී හොදින් වඩේ එක බැද ගන්නනේ ඒ නිසා මේවත් එහෙම කරන්න එතකොට මැද අමු වෙන්නේ නැහැ දැන් ගැඹුරු තෙලේ බැද ගන්න, පැහැදිලියි නේද, හරිම රසයි ඔයාලටත් හදලා රස කියන්නකෝ.

curtesy : lady.lk


More News »