Home / මුළුතැන්ගෙය / ක්‍රිස්පී නුඩ්ල්ස්

ක්‍රිස්පී නුඩ්ල්ස්

2016-04-28 10:27:00       783
feature-top
කර කර රසට හැපෙන්න නුඩ්ල්ස් වෙනස්ම රසයකට වගේම කම්මැලිකම යන්න පාළුවේ ඉද්දි වෙනසකටත් එක්ක කාල බලමුද හදාගන්න විදිය හරිම ලේසියි.මෙන්න රෙසිපි එක කට්ටියම හදල රසවිඳලා අපිටත් විස්තරේ කියන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය:
 
මැගී නුඩ්ල්ස් පැකට් 2ක්
කුකුළු මස් 200g
පොල් තෙල් බෝතල් 1/4 ක්
තක්කාලි සෝස් ටිකක්
සිහින්ව ලියා ගත් ලොකු ළුණු ගෙඩි 2ක්
 
සාදාගන්න ආකාරය:
නුඩ්ල්ස් තම්බා වතුර පෙරා හැරලා ටිකක් වේලෙන්න තියන්න.
කුකුළු මස් තම්බා ගලවා ගෙන කටු ටික ඉවත් කරගන්න.
බඳුනකට තෙල් ටිකක් දමා ලිපේ තියා ළුණු සහ මස් ටික හොඳින් බැදගන්න.එකටම එනසාල් ඇට කිහිපයක් රස අනුව ලුණු එකතු කරගන්න.
තම්බා ගත් නුඩ්ල්ස් ගැඹුරු තෙලේ බැදගන්න.
මිශ්‍රණය නුඩ්ල්ස් මතට දමා සෝස් එක් කර රසවිඳින්න.

More News »