Home / මුළුතැන්ගෙය /  ස්විස් රෝල්

 ස්විස් රෝල්

2016-01-21 02:04:00       818
feature-top
 ඔන්න අද අපි කියන්නේ එළකිරි වගේ කෑමක්..මතකද පොඩිකාලේ කාපු චොකලට් රෝල්... අම්මෝ කියනකොටත් කටට කෙළ එනවා.. ඒකම නෙමේ උනාට රහනම් ඒ වගේමයි. මේක හදන්න අමාරු නෑ..හැබැයි මේකේ මැදට දාන NUTELLA නම් හොයාගන්න වෙනවා. නැත්තම් ජෑම් උනත් මැදට දාන්න පුළුවන්. ඔන්න එහෙනම් රෙසපිය...

අවශ්‍ය ද්‍රව්‍ය-                                                                       කාලය විනාඩි 15
බිත්තර 5
පිටි ග්‍රෑම් 100
කෝන් පිටි ග්‍රෑම් 25
සීනි ග්‍රෑම් 125
ලුනු තේ හැඳි 1/2
බේකින්ග් පෞඩර් තේ හැඳි 1/2

    බිත්තර එක බැගින් බදුනකට දමා බීට් කරගන්න. සීනිද ටික ටික එකතු කරන්න. බිත්තර විනාඩි 10 ක් -15 ක් බීට් කරගන්න. එය ප්‍රමාණයෙන් කිහිප ගුණයක් වැඩිවී තිබිය යුතුය. සීනි දමා අවසන් නම් පිටි හැන්ද බැගින් එකතුකර හොදින් බීට් කරන්න. කෝන් පිටි,බේකින්ග් පෞඩර් හා ලුණුද  එකතු කරන්න.
    උස අඩු කොටු බේකින්ග් තැටියකට( 35x35 ) තෙල්කොල දමා සකස් කරගන්න. එයට මිශ්‍රණය (තැටියේ පැතුරුණු පසු එහි උස සෙන්ටිමීටර එකකට වඩා වැඩි නොවිය යුතුය) දමා සෙල්සියස් 180 ට විනාඩි 10 ක් බේක් කරගන්න.

    බාගත් තුනී කේක්එකේ වාටි කපා ඉවත් කරන්න. උනුවෙන්ම එය උඩින් එක පැත්තක Nutella ගා ගන්න. ඉන් පසු තෙල් කොලේ උදව්වෙන් Nutella ඇතුලට වෙනලෙස එය හොදින් තදට රෝල් කරගන්න.
    තෙල් කොලයේම ඔතා ඉන් පසු එය පොලිතින් කොලයකින්ද ඔතා සීතලවෙන්න ශීතකරණයේ පැය 2ක 3ක් තියන්න.



More News »