Home / මුළුතැන්ගෙය / රට ඉඳි කේක්‌

රට ඉඳි කේක්‌

2015-10-01 10:16:00       660
feature-top
අවශ්‍ය දුව්‍ය

    රට ඉඳි 500g
    ආප්ප සෝඩා 1Tsp
    වතුර 125Ml
    බටර් 250g
    සීනි 250g
    බිත්තර 05
    බේකින් පවුඩර් 1Tsp
    කජු 150g
    රෝස්‌ එසන්ස්‌ 1Tsp
    ආමන්ඩ් එසන්ස්‌ 1Tsp
    මිශ්‍ර කුළු බඩු 1Tsp
    වැනිලා 1Tsp

සදන ක්‍රමය

රට ඉඳි කුඩා කැබලිවලට කපා ඇට ඉවත්කර වතුර හා ආප්ප සෝඩා එකතු කර එය රට ඉඳිවලට දමා පැය 8 ක්‌ පෙඟෙන්න තබන්න.
පිටි හා බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. බටර් හා සීනි හොඳින් බීට්‌ කර ක්‍රීම් කරන්න. එම මිශ්‍රණයට බිත්තර එක බැගින් එකතු කරන්න. බිත්තර සියල්ල එකතු කළ පසු එයට හලාගත් පිටි එකතු කරන්න. කලවම් කරන්න. දැන් කජු, ආප්ප සෝඩා යෙදූ රට ඉඳි, රෝස්‌ එසන්ස්‌, ආමන්ඩ් එසන්ස්‌, වැනිලා හා මිශ්‍ර කළ කුළුබඩු එකතු කරන්න.
තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා විනාඩි 10 ක්‌ රත් වූ උදුනක සෙ.අ 150 උෂ්ණත්වයේ විනාඩි 45 ක්‌ බේක්‌ කරන්න

මිශ්‍ර කුළු බඩු .
කරඳ මුංගු කරල් 7, කරාබු නැටි 3, කුරුදු කැබැල්ලක්‌, සාදික්‌කා මද 1/4 ගෙන හොඳින් කොටා එයින් 1Tsp ක්‌

kamubomu.wordpress.com


More News »