Home / මුළුතැන්ගෙය / චයිනීස් සී ෆුඩ් සුප්

චයිනීස් සී ෆුඩ් සුප්

2015-09-29 11:05:00       718
feature-top
අවශ්‍ය දුව්‍ය

    කැබලි කපාගත් මාළු,ඉස්සන්,දැල්ලන් 400g
    කුඩා පොකිරිස්සන් 100g
    තම්බාගත් කකුළුවන්ගේ මස් 100g
    තම්බාගත් නූඩ්ල්ස් 50g
    කළු සහ සුදු ෆන්ගස් 40g(හතු විශේෂයක්)
    පෙති කපාගත් කළු හතු හා බට්න් හතු 40g
    තම්බා කපාගත් කැරට් හා බ්‍රොකලි 80g
    කපාගත් නිවිති කොල 40g
    ලුණු අවශ්‍ය පමණට
    ගම්මිරිස් අවශ්‍ය පමණට
    රසකාරක අවශ්‍ය පමණට
    සීනි අවශ්‍ය පමණට
    වතුර 1500Ml
    කෝන්පිටි 50g
    බිත්තර 02
    කුඩාවට කපාගත් පාස්ලි 25g
    ඔයිස්ටර් සෝස් 2Tsp
    චිකන් සීසනින් කැට 01

සදන ක්‍රමය

වතුර ලිප තබා උතුරන විට කපාගත් මාළු, ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන් එකතු කරන්න.මෙය තැම්බීගෙන එනවිට රසකාරක වර්ග දමා පදම් කරන්න.දැන් ක්‍රමයෙන් අමු ‍ එළවළු,තම්බාගත් එළවළු හා හතු එකතු කරන්න.ඉන්පසු නූඩ්ල්ස් එකතු කරන්න.දැන් චිකන් සීසනින්ද එකතු කරන්න.දියකරගත් කෝන්පිටි ටිකක් එකතු කර මිශ්‍රකරන්න. දැන් තම්බාගත් කකුළු මාළුද එකතු කරන්න.එයටම බිත්තරද, ඔයිස්ටර් සෝස්ද එකතු කරමින් කූරු ගාමින් පිසින්න.දැන් රසබලා සුප් බදුන්වලට දමා කුඩාවට කපාගත් පාස්ලිදමන්න.

kamubomu.wordpress.com



More News »