Home / මුළුතැන්ගෙය / ස්‌වීට්‌ ඇන්ඩ් සවර් පොලොස්‌

ස්‌වීට්‌ ඇන්ඩ් සවර් පොලොස්‌

2015-09-21 10:26:00       710
feature-top
අවශ්‍ය දුව්‍ය

    පොළොස්‌ 250g
    එළවළු තෙල් 500ml
    කොටුවට කපාගත්  ලූනු 100g
    කොටුවට කපාගත්බෙල් පෙපර් (රතු සහ කහ)50g
    කොටුවට කපාගත් ගර්කින් 50g
    සිහින්ව කපාගත් සුදු ලූනු 1Tsp
    සිහින්ව කපාගත් ඉඟුරු 1Tsp
    ගම්මිරිස්‌ 1Tsp
    ලුණු 1/2Tsp
    සෝයා සෝස්‌ 1Tsp
    අන්නාසි කැබලි කිහිපයක්‌

ස්‌වීට්‌ ඇන්ඩ් සවර් සෝස්‌ එකට අවශ්‍ය ද්‍රව්‍ය

    විනාකිරි 10Ml
    සීනි 2Tsp
    ලුණු 1/4 Tsp
    ගම්මිරිස්‌ 1/4Tsp
    සිහින්ව කපාගත් ඉඟුරු 1/2Tsp
    තක්‌කාලි සෝස්‌ 3Tsp
    සිහින්ව කපාගත් සුළු ලූනු 1Tsp
    එළවළු තම්බාගත් වතුර 1l
    කෝන්ෆ්ලවර් මේස හැඳි 2 (වතුර 75Ml කට දියකරගන්න)
    දොඩම් යුෂ 1Tsp
    එළවළු තෙල් 2Tsp

බැටර් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය

    කෝන්ෆ්ලවර් 5Tsp
    පාන් පිටි 4Tsp
    බේකින් පවුඩර් 1 1/2 Tsp
    ලුණු 1/4Tsp
    කහ වර්ණ  1/4Tsp
    සීතල වතුර 125Ml

සදන ක්‍රමය

සෝස්‌ එක සාදන ක්‍රමය

පිරිසිදු කරගත් භාජනයක්‌ ලිප තබා එයට තෙල් දමා රත් වූ පසු ඉඟුරු, සුදු ලූනූ එකතුකර සුළු වේලාවක්‌ කලවම් කරන්න එයට තක්‌කාලි සෝස්‌, සීනි, විනාකිරි එකතුකර ස්‌ටොක්‌ වතුරෙන් ටික වේලාවක්‌ උතුරුවා ගන්න.ඉන්පසු දොඩම් යුෂ, ලුණු සහ ගම්මිරිස්‌ එකතු කරගන්න.උතුරන විට ඝනවීමට කෝන්ෆ්ලවර් දමා කලවම් කරන්න

 බැටර් එක සාදන ක්‍රමය

පිරිසිදු කරගත් භාජනයක්‌ ගෙන කෝන්ෆ්ලවර්, පාන්පිටි සහ බේකින් පවුඩර් දමා කලවම් කරගන්න.එම මිශ්‍රණයට ලුණු සහ කහවර්ණ එකතු කර වතුර දමා නූලක්‌ සේ බේරෙන ලෙස මිශ්‍රණය සකසා ගන්න.විනාඩි 5 ක්‌ පමණ සාදාගත් බැටර් එක තබන්න

ස්‌වීට්‌ ඇන්ඩ් සවර් පොළොස්‌ එක සාදන ක්‍රමය

අඟලේ ප්‍රමාණයට පොළොස්‌ කැබලි කරගන්න.ඉන්පසු පිරිසිදු කරගත් භාජනයක්‌ ගෙන එයට පොළොස්‌, සෝයා සෝස්‌, ලුණු සහ ගම්මිරිස්‌ දමා හොඳින් කලවම් කර සුළු වේලාවක්‌ තබන්න.ඉහත බැටර් මිශ්‍රනයට පොලොස්‌ කැබලි දමා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක්‌ බැදගන්න. තෙල් බේරීමට තැබිය යුතුය. පිරිසිදු කරගත් භාජනයක්‌ ගෙන තෙල් දමා රත් වූ පසු ඉඟුරු , සුදු ලූනූ එකතු කර මද වේලාවක්‌ කලවම් කර එයට කැරට්‌, ලූනූ , අන්නාසි , බෙල් පෙපර්  මිශ්‍ර කර කලවම් කරගන්න එයට සාදාගත් සෝස්‌ මිශ්‍රනය එකතුකර බැදගත් පොළොස්‌ දමා කලවම් කර ආහාරයට ගන්න.

kamubomu.wordpress.com

More News »