Home / මුළුතැන්ගෙය / රටකජු මෝජුව

රටකජු මෝජුව

2015-09-19 12:19:00       703
feature-top
අවශ්‍ය දුව්‍ය

    රටකජු 250g
    පිරිසිදු කරගත් හාල්මැස්‌සන් 100g
    ලොකුලූනු 250g
    සුදුලූනු 50g
    අමුමිරිස්‌ කරල්  10
    කැබලි මිරිස්‌ 3Tsp
    අඹ චට්‌නි 5 Tsp
    කරපිංචා කොළ
    ඉඟුරු කැබැල්ලක්‌
    විනාකිරි  10ml
    සීනි 5Tsp
    අබ ක්‍රිම් 3Tsp
    ලුණු 1Tsp
     තෙල් 350Ml

සදන ක්‍රමය

රටකජු අවන් කිරීමෙන් පසු පොතු හැර ගන්න ලොකුලූනු
සුදුලූනු ඉඟුරු සිහින්ව කපාගන්න
හාල්මැස්‌සන් හා කපාගත් ද්‍රව්‍ය රන්වන් පාටවන තෙක්‌ ගැඹුරු තෙලේ බැදගන්න අමුමිරිස්‌ දෙකට වෙන් නොවන සේ පලා, කරපිංචා කොළ සමඟ ගැඹුරු තෙලේ සුළු වේලාවක්‌ බැදගන්න පසුව භාජනයක්‌ ලිප තබා එයට තෙල් දමා කෑලි මිරිස්‌, අබකුඩු, අඹ චට්‌නි, සීනි, විනාකිරි එක්‌ කරගන්න ඉන්පසුව හොඳින් කලවම් කර බැදගත් සියල්ල එකතු කර හොදින් කවලම් කරන්න


kamubomu.wordpress.com


More News »