Home / මුළුතැන්ගෙය / කැරමල් පුඩිම

කැරමල් පුඩිම

2015-09-12 10:16:00       661
feature-top
අවශ්‍ය දුව්‍ය

    ටින්කිරි ටින් 01
    ගසාගත් බිත්තර 05
    වතුර 250Ml
    සීනි 04Tsp
    වැනිලා 1Tsp

සදන ක්‍රමය

 භාජනයක්‌ ගෙන රත්කර එයට වතුර 50Ml ක්‌ සමඟ සීනි දමා හැඳි ගාමින් රන්වන් පාට වනතෙක්‌ රත්කරන්න.
ඉන්පසු හතරැස්‌ තැටියකට සාදාගත් කැරමල් මිශ්‍රණය මුළු තැටියටම ගෑවෙන සේ අතුරා ගත යුතුය. සුළු වේලාවක්‌ නිවෙන්න තබන්න. නැවතත් පිරිසිදු කරගත් භාජනයක්‌ ගෙන ටින්කිරි, බිත්තර, වතුර සහ වැනිලා හොඳින් මිශ්‍ර කරගන්න කරමල් තැටියට එම මිශ්‍රණය දමාගන්න. පසුව තැටිය ආවරණ වන සේ වසාගත යුතුය.
විනාඩි 40 ක්‌ වාෂ්පයෙන් තම්බා ගන්න. මෙය කළ යුත්තේ වතුර භාජනයක බහා සාදාගත් පුඩිමට වතුර නොයන පරිදිය නිවුණු පසු කැරමල් තට්‌ටුව උඩට සිටින සේ දීසියකට දමාගන්න.

kamubomu.wordpress.com


More News »