Home / මුළුතැන්ගෙය / බිම්මල් ස්‌ටු

බිම්මල් ස්‌ටු

2015-09-09 09:44:00       663
feature-top
අවශ්‍ය දුව්‍ය

    බිම්මල් 500g
    අර්තාපල් 150g
    කැරට්‌ 100g
    මාළු මිරිස්‌ 50
    තක්‌කාලි  ගෙඩි 01
    විනාකිරි 2Tsp
    ගම්මිරිස්‌ 2Tsp
    ලූණු 1Tsp
    ලොකු ලූනූ ගෙඩි 02
    අමු තුනපහ 1Tsp
    දිය කිරි 250Ml
    මිටි කිරි 125Ml
    අබ 1/4 Tsp
    තෙල්  2Tsp
    අමු මිරිස්‌ කරල් 04
    සුදු ලූනූ බික්‌ 03
    කහ ස්‌වල්පයක්‌
    කරපිංචා,රම්පා ස්‌වල්පයක්

සදන ක්‍රමය

බිම්මල් තරමක්‌ මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.කැරට්‌ ,අර්තාපල් ,මාළුමිරිස්‌, අමු මිරිස්‌ දික්‌ අතට කැබලි කරගන්න.ලොකු ලූනූ ,තක්‌කාලි රවුම් අතට කපාගන්න. භාජනයට තෙල් ස්‌වල්පයක්‌ දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට්‌ සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න. තැම්බුනු පසු බිම්මල් ලූනූ, මාළු මිරිස්‌, අමු මිරිස්‌ සහ තක්‌කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක්‌ පිසගන්න.

kamubomu.wordpress


More News »