Home / මුළුතැන්ගෙය / ඉස්සෝ ඩෙවල්

ඉස්සෝ ඩෙවල්

2015-08-31 02:42:00       706
feature-top
අවශ්‍ය දුව්‍ය

    ලොකුඉස්සන් 500g
    බීළූණු 150g
    මාළුමිරිස් 100g
    රතුතක්කාලි 100g
    ගම්මිරිස්කුඩු 02Tsp
    ඔයිස්ටර්සෝස් 02Tsp
    චිලිසෝස් 02Tsp
    එළවළුතෙල් 125Ml
    කෝන්පිටි 100G
    කහකුඩු  Tsp
    දෙහිඇඹුල් 02Tsp
    පාසලි 50G
    කජුමද 20G
    ඉගුරුඉස්ම 100Ml
    ලුණුකුඩු 02Tsp

සාදන ආකාරය

ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න.

More News »