Home / මුළුතැන්ගෙය / රට ඉඳි වලින් චට්නි හදමු

රට ඉඳි වලින් චට්නි හදමු

2015-08-17 10:32:00       781
feature-top
චට්නි වර්ග බොහොමයක් තිබෙනවා. මේ අතරින් අපි අද කියන්නට යන්නේ ඉතාම පහසුවෙන් ඔබට ගෙදරදීම හදා ගන්නට පුළුවන් රට ඉඳි  චට්නි ගැන.

අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ

    රට ඉඳි ග්‍රෑම් 500
    වියළි මිරිස් ග්‍රෑම් 30
    අමු ඉඟුරු ග්‍රෑම් 10
    සීනි ග්‍රෑම් 150
    සුදු ලූනූ බික් 4
    විනාකිරි බෝතල් භාගයයි
    ලුණු ස්වල්පයයි

සාදන ක්‍රමය

මුලින්ම රට ඉඳි පිරිසිඳු කර අඹර ගන්න.

කුළු බඩු වර්ග විනාකිරි සමග අඹර ගන්න.

සීනි සහ විනාකිරි එක්කොට කුළු බඩු වර්ග සහ අඹරා ගත් රට ඉඳි ටික දමා ලිපේ තබා ඝන වනතුරු තම්බා ගන්න.

නිවුණු පසු ඔබට මේ රසවත් රට ඉඳි චට්නි වල රස බලන්නට පුළුවන්.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »