Home / මුළුතැන්ගෙය / දූරියන් අනෝදා අයිස්ක්‍රීම් රස විදලා

දූරියන් අනෝදා අයිස්ක්‍රීම් රස විදලා

2015-08-14 09:47:00       781
feature-top
අයිස් ක්‍රීම් මතක් කරන කොටත් කටට කෙළ එනවා කියන එක වරදක් එහෙම නෙවෙයි. අයිස් ක්‍රීම්වල ඉතිහාසය පර්සියානු රජ සමය දක්වා දිවෙනවා. එහෙත් ඔබ දූරියන් අයිස් ක්‍රීම්, අනෝදා අයිස් ක්‍රීම්, කෝපි අයිස් ක්‍රීම්, අඹ අයිස් ක්‍රීම් එහෙම කාලා තියෙනවාද? අපිට නම් වාසනාවකට ඒ වගේ අපූරු අයිස් ක්‍රීම් වර්ග 32ක රස බලන්න සිනමන් ලොජ් හෝටලයේදී ලැබුණා. සූපවේදී නිමල් රාජපක්ෂ මහතා තමයි ලොව ප්‍රථම වතාවට මෙම අපූරු අයිස් ක්‍රීම් නිර්මාණය කළේ.

ඇත්තටම නිමල් මහත්මයා කියන විදියට රසවත් අයිස් ක්‍රීම් එකක් හදන එක කලාවක් වගේම විද්‍යාවක්. පොඩ්ඩක් හරි වැරැදුණොත් නියම රස එන්නේ නෑ. මේ අයිස් ක්‍රීම්වල තියෙන විශේෂත්වය තමයි ඔහු කිසිදු කෘත්‍රිම රසකාරකයක් යොදන්නේ නැතිව අදාළ පලතුරෙන් අයිස් ක්‍රීම් නිර්මාණය කිරීම. ඒ කියන්නේ දූරියන් අයිස් ක්‍රීම් හඳලා තියෙන්නේ දූරියන්වලින්මයි. අන්න ඒ නිසා තමයි දූරියන් අයිස් ක්‍රීම්වල රස බලද්දී අපි කවුරුත් පුදුමවෙලා එකිනෙකාගේ මුහුණ බලාගත්තේ. වරකා, අලිපේර, කුරුඳු, තල් වගේ වෙනස් වෙනස් දේශීය පලතුරු අයිස් ක්‍රීම් රැසක් අපූරුවට නිමල් රාජපක්ෂ මහතා නිර්මාණය කරනවා.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »