Home / මුළුතැන්ගෙය / පාන් පුඩිමක් හදා ගන්න හැටි

පාන් පුඩිමක් හදා ගන්න හැටි

2015-07-20 10:02:00       592
feature-top
අඩු වියදමකින් සහ පොඩි කාලයක් වය කරලා රසවත් පාන් පුඩිමක් හදා ගන්න හැටි අපි අද කියන්නයි යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

    කිරි මිලි ලීටර් 100
    බිත්තර 2
    සීනි ග්‍රෑම් 125
    පාන් පෙති 4
    වියලි මිදි ග්‍රෑම් 10
    සාදික්කා

හදාගන්නේ මෙන්න මෙහෙමයි.

    මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න.
    එයට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.
    දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා, ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න.
    ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.
    ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
    ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.
    මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.
    අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.
    ඔන්න දැන් අපි හදලා ඉවරයි.
    දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.
    බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න
    විනාඩි 25න් විතර පුඩිම සුදානම්.



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »