Home / මුළුතැන්ගෙය / ගෙදරදීම පොප් කෝන් හදමු

ගෙදරදීම පොප් කෝන් හදමු

2015-07-14 10:46:00       587
feature-top
පොප් කෝන් කන්න ලොකු කුඩා හැමෝම ආසයි. යාළුවො එක්ක චිත්‍රපටියක් බලන්න ගියත් ඔය ඉරිදා හවසට නිවාඩු පාඩුවේ ටිකක් ඇවිදින්න ගියත් හප හපා යන්න පොප් කෝන් මිලදී ගන්නවානේ.

මේ කියන්න යන්නේ පොප් කෝන් ගෙදරදීම හදාගන්න හැටි

අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද බලමු

    පියන සහිත කට පළල් ලොකු සාස්පානක්
    තෙල් මේස හැඳි 2
    ඉරිඟු ඇට කෝප්ප 1/3
    රස පදමට ලුණු කුඩු
    දියකරගත් බටර් මේස හැඳි 2

සාදා ගන්නේ මෙහෙමයි.

    මුලින්ම සාස් පානකට තෙල් ටික දමා හොඳින් රත් කරගන්න.
    මෙය මඳ රස්නය ඇති ලිපක රත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
    තෙල් ටික රත් වු පසු ඉරිඟු ඇට ටික එක්කර භාජනය පියනෙන් වසන්න.
    ඉරිඟු ඇට රත් වී උඩ පනින්නට පටන් ගත් පසු සෙමෙන් පියන ඉවත් කර භාජනය ඉදිරියට සහ පසුපසට සොලවන්න.
    ඉන්පසු සියලු පොරි පිපිරී අවසානයේ දී උඳුනෙන් ඉවත් කර ගන්න.
    රස පමණට ලුණු එකතු කර රස බලන්න. අවශ්‍ය නම් පැණි එකතු කර ගැනීමටද හැකිය.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »