Home / මුළුතැන්ගෙය / මැලේ අච්චාරු හදන හැටි

මැලේ අච්චාරු හදන හැටි

2015-07-05 12:39:00       658
feature-top
රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න හැටි අද රස මුසු තුලින් ඔබට කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න.

    රටඉඳි 200g
    රතුලූනු 150g
    කැරට් 100g
    මාළුමිරිස් 150g
    හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක්
    කුඩා අන්නාසි ගෙඩියක්
    අඹරාගත් සුදුළූණු බික් 8
    ඉඟුරු කැබැල්ලක්
    මිරිස් කුඩු මේස හැඳි 2
    විනාකිරි කෝප්ප 1/2
    අඹරාගත් අබ මේස හැඳි 1
    සීනි මේස හැඳි 4
    අවශ්‍ය පමණ ලුණු

සාදන ක්‍රමය තමයි මේ..

    රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න.
    ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න.
    මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.
    මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි එකතු කර ගන්න.
    මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »