Home / මුළුතැන්ගෙය / Dinner එකට චීස් කොත්තු

Dinner එකට චීස් කොත්තු

2015-05-29 10:44:00       126
feature-top
හැන්දෑවට ගෙදර යන ගමන් මග කඩේකින් කොත්තුවක් අරන් යන්න ඔයත් පුරුදු වෙලා ඉන්නවද? එත් කොත්තු කඩ වල පිරිසිදු කම ගැන ඔයාට Sure නැහැ නේද?

කැමති කෑම ගෙදරදීම හදාගන්න එකේ වාසිය එකයි.

චිකන් කොත්තු, බිත්තර කොත්තු, එළවළු කොත්තු විතරක් නෙමේ දැන් ඔන්න චීස් කොත්තුත් තියනවා.

හැමදාම කන සාමාන්‍ය කොත්තුව වෙනුවට වෙනස් කෑමක් කන්න හැමෝම කැමති වෙයි. ඒ නිසාම අපි හිතුව චීස් කොත්තු හදන විදිය කියල දෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද බලමු.

    රොටි 600g
    කැරට් 50g
    ගෝවා 50g
    ලීක්ස් 100g
    බිත්තර 4ක්‍
    ළූණු ලොකු ගෙඩියක්
    ගම්බිරිස් තේ හැඳි 2ක්
    කෑලි මිරිස් මේස හැඳි 2ක්
    සෝයා සෝස් මේස හැඳි 2ක්
    අමු මිරිස් කරල් 5ක්
    සුදු ළූණු බික් 5ක්
    ලුණු අවශ්‍ය පමණට
    රම්පෙ කරපිංචා ස්වල්පයක්
    ඉඟුරු කැබැල්ලක්
    එළවළු හොදි අවශ්‍ය පමණට
    චෙඩා චීස් 200g
    තෙල් මේස හැඳි 2ක්

දැන් කොත්තුව හදා ගන්නේ කොහොමද බලමු.

මුලින්ම භාජනයක් ලිප තබා තෙල් ටික එක්කරන්න.

එයට සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු අඩිය දමා කලවම් කර එයටම බිත්තර ටික එක් කරගෙන කෑලි මිරිස්, ගම්බිරිස්, ලුණු දමා පසුව කපාගත් ගෝවා, ලීක්ස්, එළවළු කැබලි දමාගන්න.

ඉන්පසු කොටු හැඩයට කුඩාවට කපාගත් රොටි කැබලිද එයට එක් කර සාදාගත් එළවළු හොදි ඇති පමණට එක් කරන්න.

මෙයටම සෝයා සෝස් හා අවසානයේ චීස්ද එක් කර රසගන්වන්න.

දැන් ඉතින් ඔබ පිරිසිදුවට සකසා ගත රසවත් චීස් කොත්තුව සුදුසු කරියක් සමග පිළිගන්වන්න.

curtesy : Asian Mirror


More News »