Home / මුළුතැන්ගෙය / වස විෂ නැති පලතුරු හඳුනාගන්නේ මෙහෙමයි

වස විෂ නැති පලතුරු හඳුනාගන්නේ මෙහෙමයි

2015-05-25 03:00:00       676
feature-top
එළවලු පලතුරු ආහාරයට එකතු කර ගැනීම හොඳ දෙයක්. එත් දැන් වෙළඳපොලේ තියන එළවලු පලතුරු බොහොමයකට විවිධ වස විෂ එකතු වෙලා. ඉතින් පලතුරු කණ එක මොන තරම් හොඳ වුණත් වස විෂ කණ එක නරකයිනේ. කොහොමද මේ විෂ රසායනික යොදවලා ඉඩවපු පලතුරු අදුරගන්නේ?
විෂ රසායන යෙදූ පළතුරු අතර ඇපල්, දොඩම්, අඹ මෙන්ම කෙසෙල් ද බහුලව තිබෙනවා.

පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම දැන් බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යයට හානි කර වනවා. විවිධ ආකාරයේ රෝග ආබාධ රැසකට මෙය හේතුවක් වන්නටත් පුළුවන්.

චීනය විසින් පළමු වරට මෙම රසායනිකය ශාක වර්ධනයටත් පලතුරු ඉදවීම සඳහාත් භාවිතා කළා. වර්තමානයේ බොහෝ රටවල් වෙළඳාම පිණිස පලතුරු ඉදවීමට එතිෆෝන් භාවිතා කරනවා.

ජලයෙහි වහා දියවන සුදු එතිෆෝන් අවර්ණ ඝණ රසායනික ද්‍රව්‍යයක් වන අතර එය ජලයෙහි දියවූ පසු එතිලීන් (Ethyline) නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝන් වැරදි ආකාරයෙන් භාවිතා කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා.

මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන්, රසායනිකය අඩංගු පලතුරු, ආහාර, ශාක අනුභවයෙන් රසායනිකය ශරීරයට ඇතුල්වීම සිදු විය හැකියි.

පලතුරු සතුන්ගෙන් බේරා ගැනීමටත් , කල්තබා ගැනීමටත්, ඉක්මනින ඉදවා ගැනීමටත් සමහර කූට වෙළඳුන් රසායනික වර්ග වැරදි ආකාරයෙන් යොදා ගැනීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකියි.

එතිෆෝන් යෙදූ පලතුරු වෙළඳපොලේදී හඳුනාගත හැකි ලක්ෂණ තමයි මේ.

* ස්වභාවිකව ඉදුණු පලතුරක ඇති සුමට, කැලැල් සහිත බව මෙන්ම සමහර අවස්ථාවල කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් ආක්‍රමණය කළ ලක්ෂණ නොතිබීම.

* මතුපිට ඒකාකාරීව ඉදුණු, මතුපිට වල නොගැසුණු, රැලි නොගැසුණු, දිලිසෙන සුලු පිට පොත්තක් තිබීම.

* පිට පොත්ත තද කහ පැහැවීම සහ කපා බැලූවිට ඇතුළත ඉදී නොමැති අමු කොළ පැහැයකින් යුක්ත වීම හෝ පොත්ත ආශි‍්‍රත ඇතුළත ප්‍රදේශය පමණක් කහ පැහැ ගැන්වී තිබීම.

* පලතුරුවල කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම.

* සාමාන්‍ය පලතුරක් තුළ ඇති පලතුරු යුෂ (Juicy) නොමැති වීම.

* පලතුරුවලින් කෘත්‍රිම සුවඳක් සහ රසයක් දැනීම.

මේ වාගේ ලක්ෂණ තිබෙනවානම් ඒ පලතුරු මිලදී ගන්න එපා. මොකද ඔබ සල්ලි දීලා ගන්නේ ලෙඩක්. අලුත් පලතුරු අලුත් එළවලු හරියට තෝරාගන්නට ඔබ දැනුවත් වන්න.

Asian Mirror


More News »