Home / මුළුතැන්ගෙය / පොල් ගෙඩියක් බිඳලා ඉස්සෙල්ලාම ගාන්නේ කොයි පැත්තද? දැනගන්න කියවන්න..

පොල් ගෙඩියක් බිඳලා ඉස්සෙල්ලාම ගාන්නේ කොයි පැත්තද? දැනගන්න කියවන්න..

2015-05-24 04:39:00       675
feature-top
උයන පිහන මැජික්..
ඉවුම් පිහුම් කරනකොට දැනගතයුතු දේවල් බොහෝමයක් තිබෙනවා. ඒ දේවල් නොදන්න නිසා අපේ ගෘහණියන් විශාල ආහාර ප්‍රමාණයක් අපතේ හරිනවා. ඉතින් කලින් ලිපියෙන් සඳහන් කළා වගේම අදත් සූදානම් වෙන්නේ එවැනිම තොරතුරු ටිකක් ඔබට කියන්න.

කරවල කැබැලිවලට කපා පොල් වතුර දමා තබා පිසින විට කරවලවල ඇති ලුණු රසය අඩු වෙයි.
රතු ලූණු සුද්ද කරන විට මඳක් උණුසුම් වතුරේ තබා ගත් පසු දෑස්වලට සැර නොවේ.
කහ මදය නොකැඩී බිත්තරය කඩා ගැනීමට පිහිය අයිස් වතුරේ දමා තබා කපන්න.
පොල්තෙල් කාලයත් සමඟ මුඩු වන අවස්ථා ඇත. එම ගතිය නැති කිරීමට තෙල් බෝතලයට ලුණු කැටයක් දමන්න.
බත බෙරි වූ විට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මඟ හරවා ගත හැකිය.
මාළුවල පිළී ගඳ නැති කිරීමට මාළු සෝදන විට කහ කුඩු ස්වල්පයක් හා දෙහි ලෙල්ලක් අතුල්ලන්න.
පුහුල්, කැකිරි කල් තබා ගැනීමට එහි නැට්ට වටේ පිහියෙන් කපා තබන්න.
සුප්වලට පැණි ‍දොඩම් එක් කිරීමෙන් වඩා රසවත් කරගත හැකිය.
මඳක් පිපිරුණු බිත්තර තම්බන විට විනාකිරි යොදා ගතහොත් බිත්තරය පිටතට විසිරීම වැළකේ.
මිරිස් බදින විට පොල්තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් මිරිස් සැර අවට විසිරීම වැළකෙයි.
මී පැණි කල් තබා ගැනීමට මිරිස් ඇටයක් දමන්න.
බණ්ඩක්කා පිසින විට එයට දෙහි එක් කිරීමෙන් සෙවල ගතිය නැති වී වඩා රසවත් වේ.
කකුළුවන්, ඉස්සන් පිසින විට මුරුංගා කොළ දැමූ විට විස ඇතොත් විනාශ වෙයි.
පලා මැල්ලුමට පොල්තෙල් හෝ එළඟි තෙල් එක් කිරීමෙන් පසුව මැලවීමෙන් රසය හා ගුණය වැඩි වේ.
මිරිස් බදින විට විනාකිරිවල දමා බැදීමෙන් වඩාත් රසවත් වේ.
රොස් වූ බත් බඳුන ඇල් වතුර බඳුනක් මත තබා දුම් පිට වූ පසු එහි රොස් ගතිය (දුගඳ) ඉවත් වේ.
කොහිලවල නූල් ඉවත් කර ගැනීමට නම් ලුණු කැට ස්වල්පයක් එකට මිශ්‍ර කර ඉවත් කරන්න.
කොළ ජාති මැලවී යෑම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න

More News »