Home / මුළුතැන්ගෙය / බිත්තර තම්බද්දී ලුණු එකතු කරන්න හේතුව දන්නවද?

බිත්තර තම්බද්දී ලුණු එකතු කරන්න හේතුව දන්නවද?

2015-05-22 10:46:00       617
feature-top
කෑම උයද්දී  අනිවාර්යෙන් එකතු කරන ලුණු ගැන කතන්දර ගොඩයි.

ලුණු කියන්නේ කෑම හදනකොට නැතුවම බැරි දෙයක්. ලුණු ආහාරයකට එකතු කරන්නේ කාරණා කීපයකට. ලුණු වලින් ආහාරයට රසයක් ලැබෙනවා. ඒ වගේම ආහාරයේ ඉන්න ක්ෂුද්‍රජීවීන් විනාශ කරලා ආහාර කල්තබා ගන්නත් ලුණු උදව් වෙනවා. මීට අමතරව ලුණු කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ ලබා දෙන වැදගත් ප්‍රභවයක්.

ලුණු පාවිච්චි කරද්දි අපි අතින් වෙන වැරදි කීපයක් තියනවා. වැඩිපුර ලුණු කන එක නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි.

මේ කාරණය අධිරුධිර පීඩනය තියන අයට බොහෝම නරකයි වගේම කොයි කටත් ලුණු අඩුවෙන් පාවිච්චි කරනව නම් ගොඩාක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.

ලංකාවේ ආහාර සඳහා ගන්නා ලුණු වලට අයඩීන් කියන සංඝටකය එකතු කරලා තියන බවත් ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග වැලැක්වෙන බව නම් අපි හැමෝම දන්නවා. ඒත් අපි කරන පොඩි පොඩි වැරදි නිසා අයඩීන් ගොඩක් වෙලාවට විනාශවෙලා යනවා.

අයඩීන් අඩංගු ලුණු ඉර එලිය හා උෂ්ණත්වය නිසා ලේසියෙන්ම ඉවත් වෙනවා. හැම වෙලාවෙම ලුණු දුඹුරු පාට බෝතලයක අසුරලා සිසිල් තැනක තියන්න.

ළිප ගාව එහෙම නම් තියන්නම එපා..
එලවළු පලතුරු කන්න කලින් ලුණු වතුර ටිකකින් හෝද ගන්නවා නම් එහි නැවුම් ගතිය වගේම විෂ බීජ ඉවත් කර ගන්නත් පුළුවන්.
සලාදයක් පිළිගන්වන්න පොඩ්ඩකට කලින් ලුණු එකතු කලොත් සලාදය නැවුම් ගතියෙන් තියේවි.
ව්‍යංජයනයක් ලිපෙන් බා ගන්න පොඩ්ඩකට කලින් ලුණු එකතු කරන්න.

ඒකෙන් කාරණා දෙකක් වෙනවා. ලුණු වල අඩංගු වෙන අයඩින් කියන සංඝටකය ඉහල උෂ්ණත්වයේ වැඩි වේලාවක් තිබීම නිසා විනාශ වෙන එක වලකිනවා.

අනික් කාරණය තමයි අවසානයට ලුණු එකතු කරනකොට දන්න ඕන ලුණු ප්‍රමාණය අඩුයි. ඒකෙන් අපි වැඩිපුර ලුණු කන එක ඉබේම වලකිනවා.

කෑමට ලුණු ටිකක වැඩි වුනොත් තම්බාපු අල ගෙඩියක් ඒ ව්‍යංජයනයට එක කරන්න. අල ගෙඩිය වැඩිපුර එකතු කල ලුණු උරාගන්නව.

ලූනු, බටු වගේ කෑම තෙල් දාන්න කලින් ලුණු ටිකක් අතගාලා තිබ්බොත් ඒවායේ තියන වතුර ගතිය ලුණු නිස ඉවත්වෙලා ඉක්මනින් උයාගන්න පුලුවන් වෙයි.

බිත්තර තම්බා ගන්නකොට වතුරට ලුණු ටිකක එකතු කලොත් ලේසියෙන් තැම්බූ බිත්තරවල කටු ඉවත් කරන්න පුළුවන්.

ඒ වගේම වතුරට ලුණු එකතු කලාම වතුර නටම උෂ්ණත්වය ඉහල යන නිසා උයන්න ගතවෙන කාලයත් අඩු කරන්න පුළුවන්.

බිත්තර බීට් කරනකොට ලුණු පොඩ්ඩක් දැම්මොත් මිශ්‍රණය මෘදුව තියේවි.

curtesy : Asian Mirror


More News »