Home / මුළුතැන්ගෙය / උයන පිහින මැජික්

උයන පිහින මැජික්

2015-05-21 10:38:00       192
feature-top
ගෘහණියක් වශයෙන් නිවෙසේ සියලු කටයුතු සඳහා ඔබේ දායකත්වය නිතැතින්ම අවශ්‍ය වන්නකි. එහෙත් මුළුතැන්ගෙයි කටයුතු බොහෝවිට ඔබට සිදු කරන්ට සිදු වන්නේ තනිවමය. එහිදී පෝෂණීය ආහාර වේලක් පිළියෙල කරගැනීම මෙන්ම ප්‍රියජනක ආහාර වේලක් පිළියෙල කිරීම ගෘහණියක් වන ඔබට අභියෝගයක් නොවිය යුතුය. අද රසමුසු ආහාර රසවත් කිරීමට හා පිසීමේදී පහසු කර ගත හැකි ක්‍රමෝපායයන් කිහිපයක් පිළිබඳවය.

මාංස වර්ග තද ගතියක් ඇත්නම් බුරුල් කර ගැනීමට ගස්ලබු ගැටයක් කිරි පිටින්ම දමන්න. (ගෙඩිය සෝදා කිරි ඉවත් නොකරමින්) එවිට මෙළෙක් බව ඇති වේපොලොස් වෑංජන මෘදු කර ගැනීමට මෙන්ම වෑංජනය රත් පැහැ කර ගැනීමට විට කන හුනු ස්වල්පයක් එක් කරන්න.

ශීතකරණ ගත කළ මස් මෘදු කර ගැනීමට පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න.
වෑංජනවලට අබ එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමට මොහොතකට පෙර අබ එකතු කරන්න. නැතහොත් අබ තැම්බී වෑංජනය තිත්ත රස විය හැකිය.
ශීතකරණයක් නොමැති නිවෙස්වල මිරිස් ගුළි අඹරා තබන විට ඒ මත ලුණු කැටයක් තියන්න. එවිට එම ලුණු කැටය දිය වී මිරිස් ගුළියේ තැවරීමෙන් නරක් නොවේ.
වෑංජනයකට දෙහි එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමෙන් පසුව දමන්න. නැත්නම් එහි ගුණය මෙන්ම රසයද අඩු වේ.
හොද්ද කැටි ගැසීම වැළැක්වීමට ළිපෙන් බා ගත් පසු අඩුම තරමේ විනාඩි 2ක් වත් හැඳි ගාන්න.
හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ ඇපල් පෙත්තක් දමන්න. ඒවාට ලුණු උරාගත් පසු ඉවත් කරන්න.
එළවළු කපා ගැනීමට පෙර සෝදා කපන්න. නැත්නම් පෝෂණය නැති වේ.
බිත්තර තම්බන විට එම වතුරට විනාකිරි හෝ ලුණු දමන්න. එවිට බිත්තර පුපුරා යෑම වැළකේ.
බත් පිසින විට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න. එවිට බත් ඇට එකට නොඇලෙන අතර හොඳ පැහැයක්ද ලබාගත හැකිය.
අල වර්ග තැම්බීමේදී එයට ලුණු ස්වල්පයක් දමන්න. එවිට අලවල පෝෂණය විනාශ නොවේ.
පතෝල පිසීමේදී කපා ගත් පසු විනාඩි 5 පමණ ලුණු වතුරේ තබා මිරිකා ගත් පසු වඩාත් රසවත් වේ.
ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට පාන් කුඩු (කට්ලට් මිශ්‍රණය) ස්වල්පයක් වෑංජනයට එක් කරන්න.
තැළිච්ච තක්කාලි පොඩි නොවී කපා ගැනීමට නම් විනාඩි 10ක් පමණ විනාකිරිවල බහා තබන්න.

Asian mirror


More News »