Home / මුළුතැන්ගෙය / ගෙදරදීම ඉට්ලි හදාගන්න

ගෙදරදීම ඉට්ලි හදාගන්න

2015-05-17 11:30:00       623
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

    උළුදු කෝප්ප 01
    බේකින් පවුඩර් තේ හැදී 1/2
    ලුණු අවශ්‍ය ප්‍රමාණයට
    සහල් කෝප්ප 02

සාදාගන්නා අකාරය

උළුදු හා සහල් පැය 6ක් පමණ වෙන වෙනම ගෙන හොදින් පොගවා ගන්න.පොගවන ලද උළුදු, වතුර මිශ්‍ර කරමින් ක්‍රමයෙන් පිටි සහල් පිටි අතින් කවලම් කොට හොදින් මිශ්‍ර කර ගන්න.

ඒවා වායු බුබුළු පිට වන තෙක් එසේ කරන්න.

අවශ්‍ය පමණට ලුණු මිශ්‍ර කරන්න.

වතුර ස්වල්පයකට තේ හැදී 1/2 ක පමණ බේකින් පවුඩර් කවලම් කර එයට එකතු කරන්න.

හොදින් පැසී නියම තත්වයට ඒමට එක් රැයක් තබන්න.ඉට්ලි අච්චුවල තෙල් ස්වල්පයක් තවරා අච්චුවේ බාගයක් පමණ වන සේ මිශ්‍රණයෙන් වක් කර එය ස්ටීම් කර ගන්න. (හුමාලයෙන් තම්බා ගන්න)

ස්ටීම් කරන අතරතුර කුරකින් ඇන තැම්බි ඇද්දයි බලන්න.

මෙය චට්නි, සාම්බාර්, කඩල ව්‍යංජන සමග උණුවෙන් ආහාරයට ගත හැකිය.

Assian mirror


More News »