Home / මුළුතැන්ගෙය / හැන්දෑවට කැරමල් කෝපි කෝප්පයක්

හැන්දෑවට කැරමල් කෝපි කෝප්පයක්

2015-04-30 01:06:00       612
feature-top
හැන්දෑවට නිවාඩු පාඩුවේ කෝපි කෝප්පයක් රස විඳින්න හිතාගෙන ඉන්න ඔයාට හරිම පහසුවෙන් රසවත් කෝපි කැරමල් එකක් සාදා ගන්නා හැටි තමයි අද අපි කියලා දෙන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ

    කිරි මිලි ලීටර් 500
    බිත්තර 5
    සීනි ග‍්‍රෑම් 200
    වැනිලා තේ හැඳි 4
    කෝපි තේ හැඳි 1

 

සාදන ක‍්‍රමය මෙන්න

    ඇළුමිනියම් තැටියක් ගෙන සීනි ග‍්‍රෑම් 100ක් දමා කැරමල් එකක් සාදාගන්න.
    ඉතිරි සීනි සහ කිරි දමා රත් කරගන්න.
    ලිපෙන් ඉවතට ගෙන නිවුණු පසු බිත්තර සහ වැනිලා දමා හොඳින් බීට් කරගෙන කිරි එකට දමා ඇළුමිනියම් තැටියට පෙරා ගන්න.
    අවසානයේ තැටිය තෙල් කඩදාසියකින් හෝ ඝන පොලිතින් එකකින් වසා ස්ටීම් කර ගන්න.



Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »