Home / මුළුතැන්ගෙය / කටට රසට චිකන් යකිටෝරි

කටට රසට චිකන් යකිටෝරි

2015-04-30 12:58:00       672
feature-top
අවශය දේවල්

    කටු සහ සම ඉවත් කර කොටු කපාගත් කුකුළු මස්                   ග්‍රෑම් 600
    ලීක්ස් (සුදුපාට බට කොටස්)                                                    ග්‍රෑම් 400
    ලොකු රතු ලුණූ ගෙඩි                                                              ග්‍රෑම් 250
    ලුණූ , සුදු ගම්මිරිස් කුඩු                                                            රස පදමට
    සෝයි සෝස් හා ඔයිස්ටර් සෝස්                                              මේස හැඳි 02 බැගින්
    කැබලි ලෙසට කපාගත් මාලු මිරිස්
    (ඇට ඉවත් කර)                                                                       ග්‍රෑම්150
    ජැපනීස් ෆයිව් ස්පයිස් පවුඩර්                                                    මේස හැඳි 1/4
    බැම්බු වලින් සාදා ගත් කෙබාබ් කුරු                                        10 / 12 ක්
    ‍ෆෝ(ර්) චුන් කෝන් තෙල්                                                       මේස හැඳි 7-8

සාදන ක්‍රමය
හොඳින් සොදා කුකුල් මස් කැබලවල වතුර හොඳින් බේරිමට බඩ හරින්න.දැන් එයටම සෝයි සෝස් හා ඔයිස්ටර් සෝස් සහ රස පදමට සියළුම සීසනින් වර්ග එකතු කර අතගාගෙන එයටම කෝන් තෙල් මේස හැදි 2ක් ද දමාගෙන කලවම්කර පදම් විම් සඳහා පැය 2ක පමණ කාලයක් තුළ ශිතකරණයේ තබන්න.පසුව කපාගත් එළවළු වර්ග මතටද ලුණූ , ගම්මිරිස් ස්වල්පක් බැගින් එකතු කරගෙන අතගාගෙන එයද පසෙක තබන්න. දැන් කෙබාබ් කූරු මතට පදම් කරගත් කුකුළු මස් සහ එළවළු කැබලි මාරුවෙන් මාරුවට ක්‍රමාණුකුලව ගසාගෙන ඊට පසු හොඳින් රත් වු යකඩ තැටියක් මතට ‍‍ෆෝ(ර්) චුන් කෝන් තෙල් ටික දමා රත්වන විට මෙම කෙබාබ් තබා හොඳින් සීල් කරගෙන ඊට පසු ගින්දර මද වශයෙන් අඩුකර විනාඩි 7-8 ක කාළයක් තුළ පිසිමට ඉඩ හැර උණුසුම්ව පිළගන්වන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »