Home / මුළුතැන්ගෙය / ආහාර වර්ග කැපීමේ කලාව

ආහාර වර්ග කැපීමේ කලාව

2015-04-30 12:35:00       609
feature-top
කුසගින්න මුල්කරගෙන ආහාර ගනු ලැබුවද එය දිව නෙත පිනවන බොජුනක් නම් ඔබ රස විඳිනුයේ එහි රසවත් පෙනුමයි. ආහාර වර්ග කැපීමේ කලාව තුළින් රසය මෙන්ම ගුණයද රැකගනියි.

  කැරට්

කැරට් හීනි තීරු ලෙස කපාගත් විට එළවළු බත් හා සලාද සඳහා යොදා ගනියි.ලොකු කොටු ආකාරයෙන් කපාගත් කැරට් කැබැලි සලාද හා කවලම් එළවළු සඳහා යොදා ගනියි. සුප් සෑදීමේදී ද භාවිත කරයි.රවුම් හැඩයට කපාගත් කැරට් කරිය සඳහාමෙන්ම තැම්බීමට භාවිත වේ.සිහින් කැරට් කැබැලි එළවළු කට්ලට් සඳහා ද, බැදීමට මෙන්ම එළවළු බත් සඳහාද භාවිත වේ.

  පලා වර්ග

ඇතැම් පලා වර්ග පිස ගැනීමේදී අතින් කැබැලි ලෙස කඩා ගැනීම වඩාත් සුදුසුය. තවද කොළය කඩා දඬුද කඩාගත හැකිය. කොළ කපා හෝ ලියා නැතහොත් වංගෙඩියක ලා කොටාගත

  අල වර්ග

අල වර්ග කැපීමේදී පෙති, කුට්ටි හෝ තීරු කපාගත හැකිය. කොස් හා රට දෙල් ආදිය පිස ගැනීමේ පිළිවෙළ අනුව කැපීමද වෙනස් වෙයි.

බණ්ඩක්කා වැනි ඇතැම් එළවළු වර්ග කැපීමෙන් පසු සේදීම නුසුදුසුය. එහෙත් නෙළුම් අල, පොලොස්, දෙල්, අල වැනි දේ කපා සෝදා ගතයුතු අතර කහට පිපෙන එළවළු වර්ග කැපූ විගස වතුරට දැමිය යුතුය.

පතෝල කරලක් කැපීම සඳහා සූදානම් කිරීමේදී නැට්ට පැත්තෙන් නූල් ඇද ඉවත් කොට කෙඳි හැර සෝදා ඊට පසු දෙකට පළා හැන්දකින් ඇට ඉවත් කළ යුතුය. අතින් ඇට ඉවත් කළ විට එහි දියර ගතිය බේරෙන්නට පටන් ගන්නා අතර ඒ හේතුකොටගෙන වෑංජනය ඉක්මනින් නරක් වීමටද ඉඩ තිබේ.

Curtesy:asianmirror.lk


Wmqgd .ekSu oekqu weiqfrks

More News »